IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඌවේ තැන තැන කසළ බැහැරකළොත් දඩය 50,000යි

(එෆ්.අස්ලම්)

ඌව පළාතේ විවිධ ස්ථානවලට කසළ බැහැර කරන පුද්ගලයින්ට  දැනට අධිකරණයෙන් නියමව ඇති රුපියල් 5,000ක දඩය 50,000 දක්වා වැඩිකිරීමට පියවර ගෙන තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අද(24) පැවසීය‍.

ඊට අදාළ ප්‍රඥාප්තියක් ඌව පළාත් සභාව මගින් සම්මත කර තිබෙන බවත් එම ප්‍රඥාප්තියට අනුව 50,000ක දඩය ලබන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවත් ආණ්ඩුකාරවරයා සහන් කළේය.

ඌව පළාතේ කසළ කළමණාකරණය හා සුන්දරත්වය සුරැකීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

“ඌව පළාතේ දැනට තියෙන නීතිය අනුව රුපියල් 5000ක දඩයක් තමයි අවිධිමත් කසළ බැහැර කිරීම්වලට නියම වෙන්නේ. නමුත් පළාත් සභාව විසින් ප්‍රඥාප්තියක් සම්මත කරගෙන තියෙනවා ඒ දඩය 50,000ක් දක්වා වැඩි කරන්න. ඌව පළාතේ කසළ බැහැර කරනවා නම් 50,000 දඩයක්  ගෙවන්න සිදුවනවා කියල හොඳට මතක තියාගන්න.

මම සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දීල තියෙනවා කසළ බැහැර කිරීම්, ගංගා ඇතුළු ජලපෝෂක ස්ථානවලට කසළ විසිකර අපවිත්‍ර කිරීම් වගේ අවිධිමත් ක්‍රියා සිදුකරන සියලු දෙනාට කිසිදු තරාතිරමක් නොබලා නීතිමය පියවර ගන්න කියලා. මෙම නීතිය නොවැම්බරයේ සිට අකුරටම ක්‍රියාත්මක වනවා” යැයි ආණ්ඩුකාරවරයා සහන් කළේය.



අදහස් (0)

ඌවේ තැන තැන කසළ බැහැරකළොත් දඩය 50,000යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site