(නිමන්ති රණසිංහ)
‘‘තවුහිද් ජමාද්’’ මුස්ලිම් පල්ලි ලෙස ලියාපදිංචි කිරීමක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ සිදුකර නොමැති අතර ‘‘තවුහිද්’’ නමින් පල්ලි 16 ක් ශ් රීලංකාවේ පිහිටුවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (23) කරුණු වාර්තා කර ඇත.
එසේම ‘‘තවුහිද්’’ සංවිධානවල පරිපාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් පල්ලි 80 ක් ස්ථාපිත කර ඇති බවද එම අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සිය ප‍්‍රකාශයේ සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් රිෆායිදින් මොහොමඩ් මලික් යන අය මෙම ප‍්‍රකාශය ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් එලෙස අධිකරණයට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුණු දේශපාලන ක්‍රමය තියෙනකල් ඔසාමා බිල් ලාඩන් නමින් නම් කරත් පුදුම වෙන්නේ නෑ
ශ්රී ලංකා තව්හිත් ජමාත් සංවිධානය තමයි ලංකාවේ බිහිවූ ත්‍රස්තවාදීන් බිහිකළ මව් සංවිධානය.
සියලු ආගම් බේදයකින් තොරව , ඕනෑම ආගමික ස්ථානයක් ලියාපදිංචියකින් තොරව පිහිටුවීම වහාම අත්හිට විය යුතුය. පහුගිය කාලපරිච්චේදය තුළ කොපමණ වාර්තා පළවුණාද විවිධ ආගමික ස්ථාන පිළිබඳ ගැටුම්කාරී තත්ත්වයන්. අසරණ මිනිසුන් කීපදෙනකු මුලා කරගෙන පිහිටවනු ලබන හතුවැනි විවිධ ඇදහිලි ස්ථාන කියක් මෙරට තියනවාද?