IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


හෙරොයින් ජාවාරම්කරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

 (දිලීප් ජයසේකර)
 
විද්‍යුත් ක්‍රමයට  මුදල් හුවමාරුකර , ගාල්ලේ සිට හම්බන්තොට   හෙරොයින් මත් කුඩු ගෙනැවිත් අලෙවි කළ  ප්‍රධාන ජාවාරම්කරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (23) නියෝග කෙරුණි.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම යෝධ කණ්ඩිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
 
 සැකකරු කලක් තිස්සේ ගාල්ල හා කොළඹ ප්‍රදේශ වලින් හෙරොයින් රැගෙනවිත් හම්බන්තොට ප්‍රදේශයේ සිටින හෙරොයින් ජාවාරම් කරුවන්ට බෙදාහැර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී  ඇත.
 
සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව ඊයේ  (22) රාත්‍රි සිදුකල වැටලීමකදී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 3140ක් ඉනේ සගවාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අත්අඩංගුවටපත් සැකකරුගෙන් කළ  ප්‍රශ්න කිරිම් වලදී හම්බන්තොට ප්‍රදේශයේ සිදුකෙරෙන හෙරොයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කරගැනිමට හැකිව තිබේ.



අදහස් (0)

හෙරොයින් ජාවාරම්කරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32082 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11251 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 303 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site