(ඩබ්. ඒ. පියතිලක )
සෝමාවතිය ජාතික උද්‍යානයේ පුල්ලියාඩි පට්ටි ප්‍රදේශයේ දි හක්කපටස් යොදා වල් ඌරෙකු ඝාතනය කර රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හක්කපටස් 5ක් සමඟ අද (24) අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජීවී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා පොළොන්නරුව කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඝාතනය කරන ලද ඌරා, හක්කපටස් 5ක්, පිහි 2ක් සහ ඒවා ගෙනයමින් සිටි යතුරු පැදිය මෙම පුද්ගලයින් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් උපකරණ සහ පුද්ගලයින් අද(24) මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd