(ඩබ්ලිව්. අසේල)
ලබාදුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් තලාතුඔය, උඩුවෙල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට ගොස් බැණ වැදී තර්ජනය කළ පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුවෙල මොනරංගල පදිංචි සම්පත් දිසානායක නමැති 33හැවිරිදි පුද්ගලයෙකි.
තමාගේ මිත්‍රයෙකුට උණ සෑදී ඇති අවස්ථාවක වෛද්‍යවරයා ලබා දුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම පුද්ගලයා ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වෛද්‍යවරයාගේ නිල නිවසට ගොස් බැණ තර්ජනය කර තිබිණි.
ඔහු නිල නිවාසයේ සිටි වෛද්‍යවරයාගේ බිරිඳ, සේවිකාව හා නිල නිවාසය පටිගත කර ඇතැයිද, මෙම පුද්ගලයා රැගෙන යාමට තවත් පිරිසක් ද පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
වෛද්‍යවරයා පොලිසිය දැනුවත්කිරීමෙන් පසු තලාතුඔය පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් අද(24) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රතිකාර මදි යැයි වෛද්‍යවරයකුට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට