(ඩබ්ලිව්. අසේල)
ලබාදුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් තලාතුඔය, උඩුවෙල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට ගොස් බැණ වැදී තර්ජනය කළ පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුවෙල මොනරංගල පදිංචි සම්පත් දිසානායක නමැති 33හැවිරිදි පුද්ගලයෙකි.
තමාගේ මිත්‍රයෙකුට උණ සෑදී ඇති අවස්ථාවක වෛද්‍යවරයා ලබා දුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම පුද්ගලයා ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වෛද්‍යවරයාගේ නිල නිවසට ගොස් බැණ තර්ජනය කර තිබිණි.
ඔහු නිල නිවාසයේ සිටි වෛද්‍යවරයාගේ බිරිඳ, සේවිකාව හා නිල නිවාසය පටිගත කර ඇතැයිද, මෙම පුද්ගලයා රැගෙන යාමට තවත් පිරිසක් ද පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
වෛද්‍යවරයා පොලිසිය දැනුවත්කිරීමෙන් පසු තලාතුඔය පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් අද(24) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd