වරද පිළිගත් අයෙකුට වසර 7 ක සිරදඬුවමක්
බිරිඳ සමඟ අනියම් ඇසුරක් ඇතැයි සැක සිතා සිය බේකරියේ සේවය කළ අවිවාහක අයෙකුට පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ වරද පිළිගත් පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා වසර හතක බරපතල වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000 ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙස අද (24) නියෝග කළේය.