IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බණ්ඩාරවෙල නගර සභාවේ උප නගරාධිපති - නාගරික මන්ත‍්‍රීවරුන්ගේ සහය ගෝඨාභයට

(ඩී.කේ.රත්න)

බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හැර උප නගරාධිපතිවරයා ඇතුලු නාගරික මන්ත‍්‍රීවරුන් නව දෙනාම අද (25) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධනත්වයෙන් බණ්ඩාරවෙල නගරයේ පැවති ජන රැළියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූහ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම අංක 01 යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම බණ්ඩාරවෙල මහ නගර සභාවේ බහු ආසන දෙකත් සමඟ කොට්ඨාස අටම ජයග‍්‍රහණය කරමින් මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු නගර සභාවට තේරී පත්වෙමින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය හිමිකර ගනු ලැබිණි.

මෙම ස්වාධීන මන්ත‍්‍රීවරුන් දස දෙනාගෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා හැර අනෙක් සියලුම නාගරික මන්ත‍්‍රීවරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමඳහා එම පක්ෂයට එක්වී තිබේ.

 



අදහස් (1)

බණ්ඩාරවෙල නගර සභාවේ උප නගරාධිපති - නාගරික මන්ත‍්‍රීවරුන්ගේ සහය ගෝඨාභයට

සුජිත්-බණ්ඩාරවෙල Saturday, 26 October 2019 09:07 AM

ඉතිං මේ ස්වාධින කණ්ඩායම විදියට තරඟ කරේ පොහොට්ටුවේ කණ්ඩායම තමයි. ඒ අය ආයෙ අමුතුවෙන් ගෝඨාබය මහතාට සහය දෙන්න යනවා කියලා එකක් නැහැ. ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ බණ්ඩාරවෙල නගරාධිපති ගෝඨාභයගේ රැස්වීමට නොයාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site