(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පොලිස් නිලධාරීන් කළ අණට අනුව රිය නොනැවැත්වූ සහ බීමතින් රිය පැදවූ පුද්ගලයකු ඔක්තෝබර් 29 දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (27) නියෝග කළේය.
බලන්ගොඩ ඔලුගන්තොට පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වලංගු රියැදුරු බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව, කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පෙරේදා (26) රාත්‍රියේ සැකකරු රිය ධාවනය කර ඇති අතර, රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් රථය නතර කරන ලෙස ඇල්ලෙඅරාව ප්‍රදේශයේ සංඥා කර ඇත. මොහු එම අණ නොතකා ධාවනය කර අතුරු මාර්ගයක රථය දමා පලායාමට උස්සාහ කළ බවත් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
මෙයට අමතරව අපරීක්ෂාරී රිය ධාවනය හේතුවෙන්ද මෙම සැකකාර රියැදුරුට එරෙහිව නඩු පවරා තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අණ නොතකා රිය ධාවනය කළ අයෙක් රිමාන්ඩ්