(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රාස්සගල වතුයායේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුගේ හිසට පිහියකින් ඇණ සහ කෙටේරියකින් පහරදීම හේතුවෙන් එම පුද්ගලයා බරපතල තුවාල ලබා අද (26) පෙරවරුවේ බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහල වෙතට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ රාස්සගල වතුයායේ නොම්මර 2 කොටසේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි අයෙකි.
පහර දීම සඳහා යොදාගත් පිහිය සහ කෙටේරිය සමග බලන්ගොඩ පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද (26) බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd