IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රන්දියගම අපජලය ඉවත් කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙන්නප්පුව කොලින්ජාඩිය රන්දියගම ගම්මානයේ සතියකට ආසන්න කාලයක් බැස නොයා තිබූ ජලය ඉවත් කිරීමට අධි ධාරිතාවයෙන් යුත් අප ජලය ඉවත් කිරීමේ පොම්ප යොදා ගැනීමට අද (26)  කටයුතු කර තිබුණි.

රන්දියගම ගම්මානය සතියකට ආසන්න කාලයක් නිවාස 50 කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබූ අතර එම ජලය ගම්මානයෙන් බැස නොයාම නිසා 300 කට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්වූහ.

එම ගම්මානයේ නිවාස යට කරමින් පැවති විශාල ජල ප්‍රවාහය ඉවත් කිරීමට ආපදා කළමණාකරණ ඒකකය, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව, වෙන්නප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවස්ථා ගණනාවක උත්සාහ කළද එය සාර්ථක වී නොතිබූ බව කියයි.

එම නිසා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය නොරෙච්චෝල ලක් විජය බලාගාරය සතුව ඇති අධි ධාරිතාවයෙන් අපජලය ඉවත් කිරීමේ යන්ත්‍රය යොදා ගැනිමට මෙසේ කටයුතු කර තිබුනේ ප්‍රථම වතාවටය.

මෙම යන්ත්‍රය මගින් පැයකට අපජලය ඝණ මීටර් 150 ක් ඉවත් කිරීමට හැකියාව පවතින බව කියයි.

මෙම ගම්මානයේ රැස්වි තිබූ ජලය බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කැපු වලකට ක්‍රමයෙන් රැස් කර එතැන් සිට අදාළ යන්ත්‍රය එම වලට බස්සවා ජලය පොම්ප කිරීමට කටයුතු කර තිබුණි.

රන්දියගම ගම්මානයේ රැස්වී තිබූ වැසි ජලය මෙම යන්ත්‍රය මගින් කිලෝ මීටරයක් දුරින් පිහිටි මුහුදට පොම්ප කෙරිණි.

ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවක සහාය පුත්තලම ආපදා කලමනාකරණ ඒකකයට ලැබී තිබූ අතර පුත්තලම 143 වන බලසේනාවේ නිලධාරීහු හා සෙබළු මේ සඳහා දායක වූහ.



අදහස් (1)

රන්දියගම අපජලය ඉවත් කරයි

tharindu Sunday, 27 October 2019 06:02 AM

අහෝ ගම්පෙරලිය බෝර්ඩ් එක

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site