IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නීති විරෝධී වැලි ගබඩාවක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ නගරයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් වටලා රුපියල් ලක්ෂයකට ආසන්න වැලි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම සැකකරු සමඟ වැලි කියුබ් හතරකට අධික ප්‍රමාණයක් හා වැලි ප්‍රවාහනයට යොදා ගත් ටිපර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත.

හොරණ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව එම බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

වැලි ගබඩා කර තබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කරන බලපත්‍රය ලබා නොගෙන වසර තුනකට අධික කාලයක් නීති විරෝධි අයුරින් වැලි ගබඩාව පත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට සඳහා හොරණ පොලිසියට වෙත බාර දී ඇත.



අදහස් (0)

නීති විරෝධී වැලි ගබඩාවක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site