IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දකුණේ පාසල්වල විභාග කාලසටහන ගැන ගුරු සේවා සංගම‍යෙන් චෝදනා

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පාසල් වාර පරීක්ෂණවලදී දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලබා දී ඇති කාලසටහන සිසුන් පීඩාවට පත්කරන්නක් බවට ගුරු සංගම් චෝදනා කරයි.
 
එම කාල සටහන්වලට අනුව 10 ශ්‍රේණියේ සිසුන්ට දින කිහිපයක් උදෑසන 7.45 සිට සවස 5.15 දක්වා විභාග පැවැත්වෙන බවද එම වේලාවන් සිසුන්ට පීඩාකාරී තත්වයක් බවද ඔවුහු කියා සිටිති.
 
මේ  සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා පැවසුවේ 10 ශ්‍රේණියේ සිසුන්ට නොවැම්බර් 7 සහ 8 යන දිනවලදී  සිංහල සහ බුද්ධාගම විෂයනුත්, නොවැම්බර් 9 දිනයේදී ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයනුත් උදෑසන 7.45 සිට සවස 5.15 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. චිත්‍ර විෂය සඳහා නොවැම්බර් 8 වැනි දින උදෑසන 7.45 සිට  පෙරවරු 11.00 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයත්, පස්වරු 1.15 සිට 5.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයත් ලබා දීමට කටයුතු සලසා ඇති බවද, එය ගැටලු සහගත බවද ඒ මහතා කීය.
 
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක  පැවසූයේ මෙම කාලසටහනට විභාග පැවැත්වීම ගැටලු සහගත තත්වයක් වුවද, විභාග පැවැත්වීමට ඇති දින ගණන සීමිත වීමත්, 10 සහ 11 ශ්‍රේණිවල විභාග එකවර පැවැත්වීම සඳහා පාසල්වල පහසුකම් නොමැතිවීමත් හේතුවෙන් මෙම කාලසටහනට කටයුතු කිරීමට සිදුව ඇති බවයි. එය ගුරුවරු, සිසුන් සියලු දෙනා අවබෝධ කරගත යුතු බවද ඒ මහතා කීය.



අදහස් (1)

දකුණේ පාසල්වල විභාග කාලසටහන ගැන ගුරු සේවා සංගම‍යෙන් චෝදනා

sudeera mudalige - hakmana Thursday, 31 October 2019 07:07 AM

දකණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉන්න අයට ඕවා වැඩක් නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවනම් ඒ ඇති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 881 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site