(රොමේෂ් මධුෂංඛ )
යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේ දී වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
කොන්ඩාවිල් දුම්රිය ස්ථාන මාර්ගය ප්‍රදේශයේ නිවසක පදිංචි මෙම වයෝවෘද්ද කාන්තාව කනියම නිවසේ සිටින අතරතුරදී ඊයේ (20) රාත්‍රි කාලයේදී මෙම පහරදීම සිදු කර ඇති අතර මළ සිරුර ආසන්නයේ පොරවක්ද තිබීම හේතුවෙන් එම පොරවෙන් පහරදී මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පළ කරයි.
61 හැවිරිදි චන්ද්‍රෙද්වී නැමති තිදරු මවක් එලෙස ඝාතනයට ලක්ව ඇත.ඝාතකයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් අරඹා ඇත.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරලා