(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකාවට විදේශීය රටවලින් මහාපරිමාණයෙන් එළුමස් ආනයනය කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා රජරට සත්ව පාලන ගොවි එකමුතුවේ ගොවියෝ අද(21) අනුරාධපුර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වූහ.
ගලෙන්බිදුණුවැව, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය, කැබිතිගොල්ලැව, රඹැව, විලච්චිය, ඇලයාපත්තුව, නොච්චියාගම ගොවි මහත්වරු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
මෙම උද්ඝෝෂණයට එක්වු සමස්ත ලංකා ගොවි සංවිධානයේ උප සභාපති කිරිගොවීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා මෙසේ පැවසීය.
“මේ ගොවියන්ගේ එළුවෝ ටික මසට විකුණාගන්න බැරිව ඉන්නවා. හැබැයි වර්තමාන ආණ්ඩුව පහුගිය කාලයේ කිරි හරක් ගෙන්නුවා වගේම අද අපේ රටේ පෞද්ගලික සමාගම්වලට එළුමස් ආනයනය කරන්න ඉඩදීලා තියෙනවා.
පසුගිය මාස කිහිපයක් ඇතුළත පිටරටින් එළුමස් ගෙන්වන නිසා මේ ගොවි ජනතාව අසරණ වෙලා. අද එළුවෝ ගාල්වල ඉන්නේ. ඔවුන් නඩත්තු කරන්න ඔගොවියන්ට අධික වියදමක් දරන්න වෙලා. ඔවුන් දැන් හතර අතේ ණය වෙලා ඉන්නේ. දරුවෝ ඉස්කෝලවලට යවා ගන්න බැරිව, කඩෙන් ගත්ත ණය ටික ගෙවා ගන්න බැරිව ඉන්නවා.
ඒ නිසා වහාම අමාත්‍ය මණ්ඩලය මගින් තීරණයක් රැගෙන පිටරටින් එළුමස් ගෙන්වීම අත්හිටුවන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. නැතිනම් දිස්ත්‍රිකයක් දිස්ත්‍රියක් ගානේ මුළු රටපුරා උද්ඝෝෂණය කිරීමට කටයුතු කරනවා” යැයිද ඒ මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පිටරටින් එළු මස් ගෙන්වීම නවත්වන්නැයි විරෝධතාවක්
kap Monday, 21 October 2019 07:19 AM
එක සෙට් එකක් සත්තු මරන්න එපා කියල උද්ගෝෂණය කරනවා. තව සෙට් එකක් සත්තු මරන්න දෙන්න කියල උද්ගෝෂණය කරනවා. අනේ මන්ද මේ රට.
jagath Monday, 21 October 2019 08:23 AM
බැලූ බැල්මටනම් මට පෙන්නේ මුස්ලිම් කට්ටියක් වගේ.