(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසි හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 155ක වැසියන් 500 කට ආසන්න පිරිසක් අද(16) වන විට අවතැන්ව සිටින බව මූන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පැවසුවාය.
ඊයේ (15) දිනය පුරා පැවති අධික වර්ෂා තත්වයත් සමඟ මූන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් කිහිපයක් වාන්දැමීමත්, වැසි ජලය බැස යාමට කලින් තිබූ ඇළමාර්ග අවහිරවීමත් සමඟ මෙම තත්වය මතුව ඇති බව ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.
මෙයින් මංගලඑළිය පවුල් 50 ක්ද, පුබුදුගම පවුල් 65 ක්ද, මදුරන්කුලිය ශ්‍රීමාපුර පවුල් 40 ක පිරිසක් ද ලෙස පවුල් 155ක් මෙලෙස අවතැන්වී සිටිති. එසේම පල්ලාවාසල්පාඩු පවුල් 35 ක් සහ නවදන්කුලම පවුල් 20ක් ජලය ගලාඒම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
කෙසේ නමුත් දැනට අවතැන්වී සිටින පවුල් සඳහා අද(16) පිසූ ආහාර ලබාදෙන බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පවසා සිටියාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන්