(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව ආඩිගම නගරයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී බරපතල තුවාල ලබා සිටි එක් අයෙකු අද (08) මරණයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය පැවසීය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පන්නල පදිංචි එක් දරු පියකු වු සුනෙත් පුංචිහේවා නැමති 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
මරණයට පත් වූ පුද්ගලයා සහ පහර කෑමට ලක්වී රෝහල් ගතව සිටින පිරිස ආඩිගම නගරයේ ඊයේ (07) රාත්‍රීයේ රැඳී සිට ඇති අතර එහි පැමිණි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවත් ඉන් පසුව පොලු මුගුරු වලින් එම පිරිසට පහර දීම සිදුකර ඇති බව කියයි.
පහර කෑමට ලක්වි රෝහල් ගතවී සිටින සුපුන් හේමන්ත මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“අපි කට්ටිය ආඩිගම නගරයේදී ඉද්දී එකපාරම මේ කට්ටිය ඇවිත් අපිත් එක්ක වචන හුවමාරුවක් වුණා.දෙපැත්තම බැන ගත්තා පස්සේ පොලු අරන් ඇවිත් තිරිසන් විදිහට අපිට ගැහුවා. සුනෙත් අයියා බිම වැටිලා කෑගහද්දිත් එයාට පොලු වලින් ගැහුවා.යැයි ඔහු පැවසිය.
පහර දිමට සම්බන්ධ එක් සැකකරුවකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ආණමඩුමේදී ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ අයෙක් මරුට