IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පිස්තෝලයක් - කඩු සමඟ නගර සභා කම්කරුවෙකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
 
වැලිගම නගර සභාවේ අනියම් කම්කරුවෙකු පිස්තෝලයක් සහ කඩු දෙකක් සමග අද(10) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කපුවත්ත අංකුටුමුල්ල වත්ත පදිංචි  වැලිගම නගර සභාවේ අනියම් කම්කරුවෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකි.
 
පොලිසිය ලද තොරතුරක් අනුව සැකකරු ගෙන්වා ප්‍රශ්න කිරීමෙන් පසු නිවසේ මුළුතැන්ගෙයි වළ දමා තිබූ අඩි දෙකහමාරක් දිගැති කඩු දෙකක් සහ පිස්තෝලය සොයාගෙන ඇත.
 
සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙයට මාස තුනකට පමණ පෙර වැලිගම කොට්ටගොඩ ප්‍රදේශයේ කාණුවක් පවිත්‍ර කිරීමේදි මෙම කඩු සහ පිස්තෝලය හමුවු අතර පසුව ඒවා ගෙදර ගෙනැවිත් සඟවා තැබු බවය.
 
අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පිස්තෝලයක් - කඩු සමඟ නගර සභා කම්කරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32117 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site