IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වැඩිහිටි දිනය නිමිත්තෙන් බළන්ගොඩදී සැමරුම් උළෙලක්

(ප්‍රින්ස් රත්නායක)

ඔක්තෝම්බර් පළමු වැනිදාට යෙදුන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් ‘‘වියබල ප්‍රණාම සැමරුම් උළෙල‘‘  අද (10) බළන්ගොඩ ගෝලඩන් සන්සිටි උත්සව ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි.

වැඩහිටි බලමණ්ඩල 53 ක 2000 ක් පමණ වැඩිහිටියන්ගේ ශිල්පීය නිපුණතා හැකියාවන් ඇගයීම සඳහා මෙම  සැමරුම් උළෙල සංවිධානය කර තිබිණි.

බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම්  එච්.එම්.එස් බණ්ඩාර මහතාගේ මගපෙන්වීමත් ප්‍රාදේශිය ලේකම්  කාර්යාලයේ සමාජ සංවර්ධන හා වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඉසුරු උදයන්ත මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

බෙලිහුල්ඔය සීලගම සීල සමාහිත යෝගාශ්‍රමවාසී ත්‍රිපිටක විශාරද ධම්ම ගවේශි රාජකීය පණ්ඩිත කන්දෙකුඹුරේ  රාධ ස්වාමීන් වහන්සේගේ  අනුශාසකත්වයෙන් දහම් වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.                                                                                                                                                                                                                                                                        විවිධ නිර්ණායක පදනම් කරමින්  බළන්ගොඩ  ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් හොඳම වැඩිහිටි බලමණ්ඩලය  ස්ථාන තෝරා තිබුණ අතර පළමු ස්ථානය මැදබැද්ද සුචරිත වැඩිහිටි බලමණ්ඩලයත් දෙවන ස්ථානය බළන්ගොඩ නගර වසම එකමුතු වැඩිහිටි බලමණ්ඩලයත් , තුන්වන ස්ථානය  ඇල්ලෙපොල  සඟබෝ වැඩිහිටි බලමණ්ඩලයත් දිනා ගනු ලැබීය.

එම කණ්ඩායම් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බවද ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළේය.

වැඩිහිටි බලමණ්ඩල  ගී තරු තොරා ගනිමින් ජයග්‍රාහක වැඩිහිටියන් දිරික් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබුණි.



අදහස් (2)

වැඩිහිටි දිනය නිමිත්තෙන් බළන්ගොඩදී සැමරුම් උළෙලක්

Rata Perata Friday, 11 October 2019 06:17 AM

ඉතා හොඳ අගයකල යුතු වැඩක්.

:       2       2

මෝ Sunday, 13 October 2019 12:47 PM

හරිම හොදයි,හරිම ලස්සනයි,සියලු දෙනාම සතුටින් ජීවත් විය යුතුයි,ජීවිතය යන්තම් හෝ විදිය යුතුයි.මේ මෑනිවරුන් තම දරුවන් වෙනුවෙන් කෙතරම් දුක් ගිනි කන්දරාවක් දරලා ඇතිද?මුලු රට පුරාම මෙවැනි දේ සිදුවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 60 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 24 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site