(හැටන් රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු අද (05) එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක, ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවකදී පැවැත්විණි.
එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විය.
මෙම රැස්වීම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසින් සංවිධානය කර තිබුණි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහනුවර දිස්ත්‍රික් එජාප පා. මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, වේලු කුමාර් යන මහත්වරුද අදහස් දැක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන එකට විරුද්ධ දේ තමයි සිද්ද වෙන්නේ.
සියල්ලන්ම සජිත් වටා එක් රැස්විය යුතුය.රටට විප්ලවකාරී වැඩ කොටසක් මොහු කරාවි.ඔහු කුඩා මිනිහාට තැනක් දෙන කෙනෙකි. මොහු පියා ගිය අඩිපාරේ යන බව සත්‍යකි. රාජපක්ෂලා හදන්නේ පවුල් බලය ගොඩ නගා ගැනීමටය. එය හොද දෙයක් නොවෙයි. දූෂණය වර්ධනය වෙන මගකි. සජිත් දිනවන්න.
ප්‍රබලයන් කිව්වේ? බැසිල්, ප්‍රසන්න, විමල් වගේ අයද??