(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මාගාල්ලේ සිව් මහල් නිවසක අද (04) රාත්‍රී ඇති වූ හදිසි ගින්නකින් නිවසට බර පතල හානි සිදුව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
නිවසේ ඉහළ මාලයේ පිහිටි මුළුතැන් ගෙයකින් ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිටි මව සහ පුතා පිටතට පැන දිවි බේරගෙන තිබේ.
සිද්ධිය සැළවිමත් සමඟ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ තුනක් සහ මාගාල්ල නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක්ද එක්ව ගින්න පැතිර යාම වළක්වා ගින්න මැඩ පවත්වන ලදී.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් ගාල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණි ඉහලවෙල මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd