(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව සාලියවැව විද්‍යාලයේ ගුරුවරයෙකුට පාසල තුළ දී පහර දුන් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා අද (02) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරුනේ සාලියවැව විද්‍යාලයේ විද්‍යා විෂය භාර නුවන් අනුරාධ සෝමතිලක නැමති ගුරුවරයෙකි.
සැකකාර ගුරුවරයා අද (02) දහවල් පාසල් පුස්තකාලයට පැමිණ සන්නිවේදනය හා මාධ්‍යඅධ්‍යන විෂය ධාරාව භාරව කටයුතු කරනු ලබන එස්.එම්.පී.ජී. කිර්ති රත්න බංඩා මහතාට පහර දී ඇතිබවත් පහර කෑමට ලක්වූ ගුරුවරයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.
පහර දීම සම්බන්ධව සැකකාර ගුරුවරයා සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී නැවත මෙම නඩුව 2020 පෙබරවාරි 25 දින කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකකාර ගුරුවරයා රුපියල් ලක්ෂය ශරිර ඇපයක් මත මුදා හැරිමට නියෝග කළේය.
මෙම පහර දීමට බලපා ඇත්තේ කලක පටන් පැවති ආරවුලක් බවත් එය පාසලේ සිදුවූ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධව පහර කෑමට ලක්වූ ගුරුවරයා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධව මේ වන විට ආරම්භ වී ඇති පරීක්ෂණයට පහර දීමට සම්බන්ධ ගුරුවරයා කුපිත වීමෙන් බව පහර කෑමට ලක්වූ ගුරුවරයා පුත්තලම රෝහල් පොලිසියට පැමිණිලි කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගුරුවරයකුට පහර දුන් තවත් ගුරුවරයෙකු ඇප මත නිදහස්