(තරංග ගුණරත්න)
අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුරක් මාකඳුර බැඳිපිට පෙදෙසෙහි කුරුඳු ඉඩමක තිබී අද උදෑසන (4) සොයා ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.
පසුගිය 30 දින රාත්‍රි කඹුරුපිටිය මාකඳුර බැඳිපිට ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසුව මෙම තරුණයා අතුරුදන්ව සිට තිබේ.
ප්‍රදේශවාසීන් සහ කඹුරුපිටිය පොලිසිය දින හතරක් පුරා සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර ගැටුම ඇති වූ ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි කුරුදු ඉඩමක තිබී අතුරුදන් වූ බව කියන තරුණයාගේ මළ සිරුර හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස තලහගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි විමුක්ත රූකාන්ත නැමති තරුණයෙකි.
ආරවුලට සම්බන්ධ වූ බව කියන සැකකරුවන් තිදෙනෙකු කඹුරුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් ද පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd