(එච්. චන්දන)
වෛද්‍ය සේවයේ යෙදී සිටියදී සේවය අතහැර ගියා සේ සලකා නියෝග නිකුත් කර තිබූ වෛද්‍යවරයෙකු නැවත සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ලබා දී තිබූ නියෝගය අවලංගු කරන ලෙස පුත්තලම තේරීම් භාර නිලධාරී හා දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා විසින් අද (03) වැනිදා සවස මෙය දැනුම් දී ඇත.
මේ පිළිබඳව මාරවිල මූලික රෝහල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාවේ ලේකම් සහන් අලහකෝන් මහතාගේ අත්සනින් යුත් පැමිණිල්ලක් අද (03) වැනිදා සවස පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත බාර දී තිබේ.
2019 අගෝස්තු මස 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු මාදම්පේ පිහිටි පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ස්ථාන මාරු කර තිබේ.
එම වෛද්‍යවරයාව 2019 අගෝස්තු මස 24 වැනිදා තම රෝහලෙන් මුදා හැරීමට මාරවිල මූලික රෝහලේ අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇත.
නමුත් මෙම වෛද්‍යවරයා සේවයට වාර්තා නොකර දිගින් දිගටම අසනීප නිවාඩු වාර්තා කර ඇත. පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකරිය විසින් මෙම තත්ත්වය නිසා 2019 සැප්තැම්බර් මස 10 වැනිදා එම වෛද්‍යවරයා සේවය අතහැර ගියා සේ සලකා නියෝගයක් නිකුත් කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරියට ලිඛිතව අගෝස්තු මස 30 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් දැණුම් දී ඇත්තේ සේවය අතහැර ගියා සේ සලකන ලද වෛද්‍යවරයාව වහාම නැවත සේවයේ පිහිටුවන ලෙසත් ඔහුට හිමි හිඟ වැටුප්ද ගෙවීමට කටයුතු කරන ලෙසය.
තවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් එවා ඇති ලිපියේ සඳහන් වන්නේ මෙම වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවා මාරවිල මූලික රෝහල වෙත යොමු කර තාවකාලිකව ඔහුව මාදම්පේ ප්‍රාදේශීය රෝහලේ වැඩ බලන ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස පත් කරන ලෙසයි.
මෙම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගයට විරෝධය පල කරමින් 30 වැනිදා මාරවිල මූලික රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ඊට සහාය පල කරමින් පුත්තලම මූලික රෝහල සහ හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් හැර දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට සහාය ලබා දී ඇති බවද මෙම කරුණු සැළකිල්ල ගෙන ඇති පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවීම සහ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම් දීමට කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සේවය අතහැර ගිය වෛද්‍යවරයෙකු නැවත සේවයේ පිහිටුවීමට දුන් නියෝගයක් අවලංගු කෙරේ