ගිංගඟ පහළ නිම්නයේ ප්රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා
ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්රදේශවල ගොවීහු පවසති.