ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති. 29 September 2019
කොකේන් ගිලදැමු බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට කොකේන් ගුලි ලෙස සකස්කර ගිලදමා ලංකාවට පැමිණ සිටි බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත. 29 September 2019
වෙළඳසැලට කඩාවැදුණු වන අලියා පලතුරු කා පලා යයි පොළොන්නරුව - දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දලුකාන ප්‍රදේශයේ පලතුරු වෙළඳසැලකට අද(29) අලුයම කඩාවැදුණු වන අලියකු එහි තිබූ පලතුරු කා වෙළඳසැලට හානිකර පලාගොස් ඇත. 29 September 2019
සති තුනක් ඇතුළත පාර හැදුවේ නැත්තම් ‘සඳතැන්න‘සංචාරක කළාපය වහනවා සති තුනක් ඇතුළත සඳතැන්න පාරිසරික සංචාරක කලාපය පිවිසුම් මාර්ගය සංවර්ධනය කර නිසි කළමණාකරණයකින් කටයුතු නොකරන්නේ නම් එම සංචාරක කලාපය සංචාරකයින් සඳහා වසා තැබිමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 29 September 2019
වැස්සෙන් ඉගිණියාගල සමුද්‍රයට ජලය එකතුවෙයි පසුගිය දින කිහිපය තුළ ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශය තුළට ඇතිවූ වර්ෂාවෙන් සේනානායක සමුද්‍රයට අක්කර අඩි 14,500 ජල ප්‍රමාණයක් එකතු වී ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය. 29 September 2019
අරුවක්කාලු කසල දුගඳ සේරක්කුලිය කළඹයි අරුවක්කාලු කසල අංගනයේ කසල වලින් ඒ ආසන්නයේ පිහිටි සේරක්කුලිය ගම්වාසින්ට වාසය කල නොහැකි තරමට අධික දුගඳක් හමා යාමත් සමග 200 කට ආසන්න පිරිසක් අද (28) දින වනාතවිල්ලුව පොලිසියට පැමිණ පැමිණිලි කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුණි. 28 September 2019
නීතිවිරෝධි විදේශීය දුම්වැටි සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට නීති විරෝධි විදේශීය දුම්වැටි 1800ක් සමග ඉරාන ජාතිකයෙකු අද (28) වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 28 September 2019
ගංජා සමග සැකකරුවකු අත්අඩංගුවට ගංජා මිලිග්‍රෑම් 11270 ක් සමග සැකකරුවෙකු ඕපනායක අකරැල්ල ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ඕපනායක පොලිසිය පවසයි. 28 September 2019
සුළඟින් නිවාසවලට හානි අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශය හරහා අද (28) අළුයම හමා ගිය දැඩි සුළඟකින් එම ප්රදේහයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇතැයි සීතාවක සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එස්.ඒ. දිශාන්ත මහතා පවසයි. 28 September 2019
පොලොන්නරුව ගොවිජනතාවගේ කිරි ආහාර පූජාකිරීමේ පිංකම අද පොලොන්නරුව ගොවිජනතාව මෙවර යල කන්නයේ සිය වී අස්වැන්නේ අග්‍ර ඵලයෙන් පිළියෙල කර ගන්නා ලද කිරි ආහාර දකුණු දළදා වහන්සේට පූජාකිරීමේ උතුම් පිංකම අද (28) පෙරවරුවේ එෛතිහාසික සෝමවතිය චෛත්‍යරාජයාණන් අබියසදී සිදුකරනු ලැබීය. 28 September 2019
රත්නපුර - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි රත්නපුර ප්‍රදේශයට ඇදහැලූණු ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටී අද (27) පස්වරුවේ කොළඹ - රත්නපුර මාර්ගයේ තදබදයක් ඇතිවිය. 27 September 2019
අලියකු පහර දි පුද්ගලයෙක් මරුට පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද (27) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 27 September 2019
වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක් වනඅලි තර්ජනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් දිඹුලාගල දම්මින්න සහ පුබුදුගම ගම්වාසීන් පිරිසක් අද (27) උද්ඝෝෂණයක නිරතවුහ. 27 September 2019
නාගහවීදිය ගම්මානයට සායනික අපද්‍රව්‍ය මුදා හරී කතරගම පූජා භූමිය ආසන්නයේ ඇති නාගහවීදිය ගම්මානයට මායිමට ආසන්නයට කිසියම් පිරිසක් විසින් රෝහල් වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් මුදා හැර තිබේ. 27 September 2019
හිටපු පළාත් සභා ඇමැතිවරයකුගෙන් මැතිවරණ පැමිණිල්ලක් ජනාධිපතිවරණයේ දී රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් ලබාගැනීමට ඇති දත්ත ලබා ගැනීමේදී රාජ්‍ය සේවකයින් අපහසුතාවයට පත්වන බව දන්වමින් මැතිවරණ පැමිණිල්ලක් හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) මාතලේ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරියා වෙත බාර දුන්නේය. 27 September 2019
හෙරොයින් ජාවාරම්කරුවෙක් ජීවිතාන්තය දක්වා හිරේට හොරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 34ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකටම වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද (27) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. 27 September 2019
අලි දෙදෙනෙක් - කෙනරක් වැව් ඉස්මත්තේ මියයති හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක මියගිය වන අලි දෙදෙනකුගේ සහ කෙනරකගේ සිරුරු අද ( 27 ) පෙරවරුවේ සොයා ගත් බව වනජීවි නිළධාරීන් පවසති. 27 September 2019
මී ඔය රක්ෂිතයේ මුවෙකුට වෙඩි තැබූ දෙදෙනෙක් අත්අඩංගුවට පාවට්ටාමඩුව මී ඔය රක්ෂිත ප්‍රදේශයේදී වෙඩි තබා මුවකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනකු අද(27) පුත්තලම සෙල්ලන්කන්දල් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 27 September 2019
ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරි ඉරිදියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සෑම පොලිස්ථානයක්ම කේන්ද්‍රගත කරගනිමින් පොලිස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථානගත කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (26) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. 26 September 2019
සාලියවැව නිවසක් ගිනි ගනී සාලියවැව දන්ගස්වැව ප්‍රදේශයේ නිවෙසක් අද (26) සවස හටගත් හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි සාලියවැව පොලීසිය පවසයි. 26 September 2019
ඇඹිලිපිටියේ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කෙරේ ලංකාවේ 44 වැනි පොලිස් අධිකාරී කාර්යාලය අද (26) ඇඹිලිපිටියේ දී වැඩබලන පොලිස්පති සී.ඩබ්.වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. 26 September 2019
පීඩාවට පත් ජනතාවට සහන සලසන්න ග්‍රාම නිලධාරිවරු යොදවයි දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ විශේෂ රාජකාරි කටයුතු සඳහා ග්‍රාම නිලධාරිවරුන් යොදවන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්,දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කළ බව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. 26 September 2019
වතු කම්කරුවන් 5 දෙනෙකුට බඹර ප්‍රහාරයක් බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (26) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 26 September 2019
ලක්ෂ 15ක මැණික් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට ඇහැළියගොඩ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මැණික් ගල් කිහිපයක් කැලණිය - ගල්වත්ත නිවසකදී කොල්ල කා, එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ තැරැව්කරුට පහර දී පලවා හැරි පුද්ගලයන් දෙදෙනකු අද(26) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 26 September 2019
කොන්දොස්තරගේ මුදල් කොල්ලකෑ මගියා රිමාන්ඩ් මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ඔක්තෝබර් 4 දක්වා රිමාන්ඩ් බන්ධාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(26) නියෝග කළේය. 26 September 2019
කුකුළු කූඩුවක කංසා වැවූ අයෙක් අත්අඩංගුවට නිවසේ ඇති කුකුළු කූඩුවක කංසා වගා කළ පුද්ගලයෙකු කිරින්ද ගොඩාන ප්‍රදේශයේදී තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 September 2019
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට අරලගංවිල පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දලුකාන මංසන්ධියේදි අද(26) ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු මියගොස්, දෙදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. 26 September 2019
සෙංගමුව වනය ඩෝසර් කළ දෙදෙනෙක්ට ඇප පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමුව රජයේ වනාන්තරය ඩෝසර් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ රියදුරු සහ තවත් පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එස්. මොහොමඩ් රාෆික් මහතා අද (26) නියෝග කළේය. 26 September 2019
නිමි ඇඳුම් වෙළෙඳසලකට හොරෙන් ඇතුළු වී ඇඳුම් සෙරකම් කරලා කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේ නිමි ඇදුම් වෙළඳසලක ජනේලයක් බිඳ සොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ නිමි ඇදුම් තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි වෙළඳසලේ හිමිකරුවන් විසින් නවගමුව පොලිසියට පැමිණිලි කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 26 September 2019
ගෝන මස් ළඟ තබාගත් අයෙකුට දඩ ගෝන මස් කිලෝ 10ක් ළඟ තබාගත් පුද්ගලයකුට රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 September 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025