IMG-LOGO

සති තුනක් ඇතුළත පාර හැදුවේ නැත්තම් ‘සඳතැන්න‘සංචාරක කළාපය වහනවා

(රංජිත් රාජපක්ෂ)                      
                                                  
සති තුනක් ඇතුළත සඳතැන්න පාරිසරික සංචාරක කලාපය පිවිසුම් මාර්ගය සංවර්ධනය කර නිසි කළමණාකරණයකින් කටයුතු නොකරන්නේ නම් එම සංචාරක කලාපය  සංචාරකයින් සඳහා වසා තැබිමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා  පැවසීය.
 
නුවරඑළිය සහ බදුල්ල අල ගොවින් සඳහා බීජ ආර්තාපල් නිෂ්පාදනය කරණ සීතාඑළිය රජයේ ගොවිපොල හරහා සදතැන්න පිවිසුම් මාර්ගය පිහිටා ඇති බවත්, අබලන් මාර්ගයේ සංචාරකයින් රැගෙන යන  වාහන ධාවනයේදි සිදුවන දුවිලි සහ අධික දුම  හේතු‍වෙන් බීජ ආර්තාපල් නිෂ්පාදනයට හානි සිදුවන බවත් සඳහන් කළ ආණ්ඩුකාරවරයා  මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් සඳතැන්න සංචාරකයින් සඳහා වසාතබන බවද සඳහන් කළේය.
 
නුවරඑළිය නගරයට ආසන්නයේ සංචාරක අකර්ෂණය ඇති ස්ථාන අතරින් වැඩි ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස ප්‍රචලිත සදතැන්න පාරිසරික සංචාරක කලාපය තුළ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ඇති පරිසරයට සමාන පාරිසරික සාධක දැකිමට හැකි  පාරිසරික කලාපයකි.
 
වර්තමානයේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගන යනු ලබන මෙම ස්ථානය සඳහා ප්‍රවේශ මාර්ග සංචාරක අමාත්‍යංශයේ රු මිලියන 75 ප්‍රතිපාදන යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු පසුගිය දා ආරම්භ කළ බවත්, ඉන් අනතුරුව එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු නොවු බව  සංවර්ධන කමිටුවේදි අනාවරණය විය.
 
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කලේ සංචාරක කර්මාන්තය මෙන්ම ගුණාත්මක බීජ ආර්ථාපල් නිෂ්පාදනයත් එක ලෙස වැදගත් බවය.
 
එම නිසා මතුවි ඇති ගැටළු සඳහා ඉදිරි සති තුන ඇතුළත කෘෂීකර්ම දෙපාර්තමේන්තුව, නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන එක්ව කඩිනමින් සකච්ඡා කර විසදුමක් ඉදිරිපත් කරණ ලෙස ද ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

සති තුනක් ඇතුළත පාර හැදුවේ නැත්තම් ‘සඳතැන්න‘සංචාරක කළාපය වහනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 95 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site