(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාලු කසල අංගනයේ කසළ වලින් ඒ ආසන්නයේ පිහිටි සේරක්කුලිය ගම්වාසින්ට වාසය කල නොහැකි තරමට අධික දුගඳක් හමා යාමත් සමග 200 කට ආසන්න පිරිසක් අද (28) දින වනාතවිල්ලුව පොලිසියට පැමිණ පැමිණිලි කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුණි.
අරුවක්කාලු කසල අංගනයෙන් දින ගණනාවක් පුරා පවතින අධික දුගඳ ඉවසා ගත නොහැකිව මෙසේ පොලිසියට පැමිණිලි කිරීමට ගම්වාසීන් කටයුතු කර තිබුණි.
ජනතාව පවසන්නේ හමා එන දුගඳ හේතුවෙන් දරුවන් සහ වැඩිහිටියන්ට නිවෙස් තුල වාසය කිරීමට පවා නොහැකි තත්වයක් මතුව ඇති බවත් මේ හේතුව නිසා දරුවන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙමින් ඇති බවයි.
එසේම මැසි මදුරු වසංගතයද උග්‍රවී ඇත්තේ කිසිඳු කාලයක නොමැති ලෙස බව කියයි.
පොලීසියට පැමිණි පිරිස් ඔවුන්ගේ දුක් ගැනවිල්ල පැමිණිලි කිරීමට යාමේදි පොලිසිය එය නොහැකි බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් පොලිස් ස්ථානය තුළ මතුව තිබුණි.
පසුව වනාතවිල්ලුව මීසම් පාලක ක්‍රිස්ටි ප්‍රනාන්දු පියතුමන් මැදිහත් වි ජනතාවට පැමිණිලි දැමීමට අවස්ථාව සලසා දී තිබුණි.
මෙහිදි දරුවන්ද පැමිණ සිටි මව්වරුන් ඔසවා ගනිමින් හඬාවැටෙමින් පවසා සිටියේ අදවන විට තම ගම්මාන අතහැර දමායාමට සිදුව ඇති බවත් කසළ දැමීම ආරම්භ කර මාස කීපයක් යන විට තත්වය මෙසේ නම් ඉදිරියෙදී තමන්ට මේ ගම්බිම් වල රැඳීමට හැකියාවක් නොමැති බවත් විද්‍යානුකූල කසල රැඳවුම් බව පෙන්වා මුදල් ගසාකමින් අරුවක්කාලු අංගනය දුගඳ හමන කසල වලින් පුරවමින් සිටින බවට ඔවුහු චෝදනා කරන්නට වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුවක්කාලු විතරක් නෙමේ මේ රජය මුලු රටම ගඳ ගස්සලා ඉවරයි.
මම ඉන්න රටේ කසල අංගනවල දුගඳ හමන නිසා දිනපතා කසල පස් වලින් වසා දමනවා. ඊලග දිනයේ කසල තැන්පත් කරන්නේ ඒ පස් තට්ටුව මතයි. මොනවා කරන්නද ලංකාවේ සෑම දෙයක්ම කෙරෙන්නේ දෙකෙන් පන්ගුවටනේ.