(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (26) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරුවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව කැම්පියන් තේ වතුවල වැඩ කරමින් සිටියදී තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් එකවර ඇවිස්සී බඹරුන් පහර දුන් බව මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් පවසති.
බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු සහ වතු කම්කරුවෙක් තුවාල ලබා ඇත. බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd