(දිලීප් ජයසේකර)
නිවසේ ඇති කුකුළු කූඩුවක කංසා වගා කළ පුද්ගලයෙකු කිරින්ද ගොඩාන ප්‍රදේශයේදී තංගල්ල සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(26) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇස්ටින් ගම්මානය, නිදන්ගල වැල්ල, ගොඩාන, කිරින්ද පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකි.
නිවසේ අතහැර දමා ඇති කුකුළු කූඩුවක් තුළ කලක් තිස්සේ කංසා වගා කරගෙන ගොස් තිබේ. අඩි පහක් පමණ උස කංසා ගස් කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇත.
තංගල්ල කොට්ඨාසබාර පොලිස් අධිකාරීවරයා ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd