(සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගංජා මිලිග්රෑම් 11270 ක් සමග සැකකරුවෙකු ඕපනායක අකරැල්ල ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ඕපනායක පොලිසිය පවසයි.
ඕපනායක පොලිස් බල ප්‍රදේශයට අයත් අකරැල්ල නව ගම්මාන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් දිර්ඝ කාලයක සිට ගංජා අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු ලෙස ගංජා මිලදී ගැනිීම සදහා පොලිස් නිලධාරියකු යොදවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (28) මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන්න ඕනේ තරම් මංකොල්ලකාරයෝ ඉදිද්දී ගංජා වවන එක මහ ලොකු වැරැද්දක්ද?