(නිමල් ජයරත්න)
අරලගංවිල පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගයේ දලුකාන මංසන්ධියේදි අද(26) ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයකු මියගොස්, දෙදෙනෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ කුඩාවැව දලූකාන අක්කර 25 පදිංචිව සිටි 32 වියැති දෙදරු පියෙකු වන එම්.ඩබ්ලිව්.පී.ඒච්.ජී. නෙරංජන් දිනෙෂ් ගුණතිලක යන අයය.
තුවාල ලබා ඇත්තේ කුඩා පිරිමි දරුවකු සහ ඇගේ මව බව පොලිසිය කියයි.
නාවික හමුදාවේ කිහිප දෙනෙකු රැගෙන දිඹුලාගල දෙසින් පැමිණි ටිපර් රථය නවතා තිබූ ටිපර් රථයක් පසු කරයෑමට උත්සහ දැරීමේදි ඉදිරියෙන් ආ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
මිය ගිය පුද්ගලයා මාදුරුඔය යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සෙබළෙකු බවද, නිවාඩුවක් සදහා නිවසට පැමිණ කුඩා දරුවාට බෙහෙත් රැගෙන එමට ගොස් ආපසු නිවස බලා යමින් සිටි බවද අරලගංවිල පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට