(ඩී.ජී.සුගතපාල)
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ඔක්තෝබර් 4 දක්වා රිමාන්ඩ් බන්ධාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(26) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ පදිංචි දඩල්ලගේ මනෝජ් ලසන්ත නමැති සැකකරුවෙකි.
ඊයේ (25) සවස ගාල්ල සමුද්‍ර මාවතේ මහජනපොළ අසළ බස් නැවතුමේ බසය නතර කල අවස්ථාවේ කොළඹ යාමට බව බවසා සැකකරු බසයට ගොඩවී ඇත. බසය ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට නැවතුමේ නතරකළ අවස්ථාවේ සැකකරු එක් වරම කොන්දොස්තරවරයා අත තිබූ රුපියල් 4,800ක මුදල කොල්ලකා දුව ගොස් තිබේ. සැකකරුව පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්තගේ උපදෙස් පරිදි සරයන් උදය කුමාර (14104) මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
884
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොන්දොස්තරගේ මුදල් කොල්ලකෑ මගියා රිමාන්ඩ්