(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටී අද (27) පස්වරුවේ කොළඹ - රත්නපුර මාර්ගයේ තදබදයක් ඇතිවිය.
දැඩි සුළගින් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී රත්නපුර නගරය සහ ආසන්න රත්නපුර නවනගරය ඇතුළු ප‍්‍රදේශයේ ගම්මාන කීපයක විදුලිය විසන්ධිව තිබේ.
රත්නපුර කොළඹ මාර්ගයේ නවනගරයේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ සහ සබරගමු පළාත් සභාව ඉදිරිපිට මාර්ගයට ගස් කඩාවැටී එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.
මාර්ගයේ වැටී ඇති ගස් කපා ඉවත් කිරීමට නගර සභාව සහ අනෙකුත් අංශවලට දැනුම්දී ඇතිබව ප‍්‍රදේශවාසීහු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල දේශපාලන වේදිකා වල කියන බොරු වලට මහී කාන්තාවත් ස්වභාව ධර්මයත් කෝපවෙලා මේවා වෙනවා.