IMG-LOGO

රත්නපුර - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් කඩා වැටී  අද (27) පස්වරුවේ කොළඹ - රත්නපුර මාර්ගයේ තදබදයක් ඇතිවිය.

දැඩි සුළගින් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී රත්නපුර නගරය සහ ආසන්න රත්නපුර නවනගරය ඇතුළු ප‍්‍රදේශයේ ගම්මාන කීපයක විදුලිය විසන්ධිව තිබේ.

රත්නපුර කොළඹ මාර්ගයේ නවනගරයේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ සහ සබරගමු පළාත් සභාව ඉදිරිපිට  මාර්ගයට ගස් කඩාවැටී එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.

මාර්ගයේ වැටී ඇති ගස් කපා ඉවත් කිරීමට නගර සභාව  සහ අනෙකුත් අංශවලට දැනුම්දී ඇතිබව ප‍්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (1)

රත්නපුර - කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි

mahinda Saturday, 28 September 2019 01:28 AM

මේ දවස්වල දේශපාලන වේදිකා වල කියන බොරු වලට මහී කාන්තාවත් ස්වභාව ධර්මයත් කෝපවෙලා මේවා වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 96 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 491 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 258 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site