(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඉරිදියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ආරක්‍ෂක කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සෑම පොලිස්ථානයක්ම කේන්ද්‍රගත කරගනිමින් පොලිස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථානගත කර අවසන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (26) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීමේ දිනයේ දී ඊට අවශ්‍ය ආරක්‍ෂාව තර කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බව ද කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලංකාවේ ඇති සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි ද ස්ථාපිත කර අවසන් බව ද පැවසුවේය.
පොලිස් මෙහෙයුම් මැදිරිවලින් ලැබෙන පැමිණිලි විභාග කිරීමත් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව සොයා බලා ඊට අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගැනීමත්, මැතිවරණ කොමිසන් සභාවේ සම්බන්‍ධීකරණයන් සිදු කිරීමත්, පොලිස්ථාන මෙහෙයුම් මැදිරි මගින් සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
පොලිස් කොට්ඨාස මෙහෙයුම් මැදිරි මගින් පොලිස්ථානවල පිහිටවූ මෙහෙයුම් මැදිරි හා පොලිස් මූලස්ථානයේ ඇති මැතිවරණ ලේකම් කාර්යාල සම්බන්‍ධීකරණය කිරීමත් සිදුවන බවද පැවසුවේය.
සෑම මැතිවරණයකදී සිදුකරන පරිදි ඉදිරියේ පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේ දී ද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසන් සභාවට ශ‍්‍රී ලංකා පොලිසියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
නාමයෝජනා බාරදීමේ දිනයේ දී මැතිවරණ කොමිසන් සභාව සහ ඒ අවට විශේෂ ආරෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ද ක‍්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරි