(අජිත්ලාල් ශාන්තඋදය සහ ප‍්‍රියනාත් චන්‍ද්‍රපාල)
පොතුවිල් ආරුගම්බේ කලපුවට උතුරින් පිහිටි සෙංගමුව රජයේ වනාන්තරය ඩෝසර් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොතුවිල් ප‍්‍රාදේශීය සභාවේ රියදුරු සහ තවත් පුද්ගලයෙක්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට පොතුවිල් මහේස්ත‍්‍රාත් එම්.එස්. මොහොමඩ් රාෆික් මහතා අද (26) නියෝග කළේය.
ඊට යොදාගත් පොතුවිල් ප‍්‍රාදේශීය සභාවට අයත් ජේසීබී යන්ත‍්‍රය රුපියල් ලක්‍ෂ 10 ඇප බැඳුම්කරයක් මත මුදාරින ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
මෙසේ ඇප මත නිදහස් කෙරුණේ පොතුවිල් විද්‍යාපුරම් හි පදිංචි පොතුවිල් ප‍්‍රාදේශීය සභාවේ ජේසීබී ක‍්‍රියාකාරුවකු වූ මොහොමඩ් හනීෆා සාෆීර් අරෆාන් සහ පොතුවිල් 5, ආටිමුණේ මොහොමඞ් ලෙබ්බේ අමුණුදීන් යන අයයි.
ලාහුගල අඩවිවන නිලධාරී කපිල ආරියරත්න මහතා බී වාර්තාවක් මගින් කරුණු දක්වමින් සැකකරුවන් දෙදෙනා සහ ජේසීබී යන්ත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු කිහිප දෙනෙක්ම පෙනී සිටිමින් සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. එසේම ජේසීබී යන්ත‍්‍රය ද මුදා හරින්නැයි නිතීඥවරු ඉල්ලා සිටියහ.
ඒ අනුව නැවත කඳවීම ඔක්තෝබර් 29 දිනට කල් තැබූ මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන් සහ ජේසීබී යන්ත‍්‍රය ශරීර ඇප සහ බැඳුම්කර මත මුදාහැරීමට නියම කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සෙංගමුව වනය ඩෝසර් කළ දෙදෙනෙක්ට ඇප