IMG-LOGO

නීතිවිරෝධි විදේශීය දුම්වැටි සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

නීති විරෝධි විදේශීය දුම්වැටි 1800ක් සමග ඉරාන ජාතිකයෙකු අද (28) වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ කඳවුරක තාවකාලිකව පදිංචි වී සිටින 38 හැවිරිදි ඉරාන ජාතිකයකු මෙම නීතිවිරෝධී දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා උමාඔය වයාපෘතියේ සේවයට පැමිණෙන පුද්ගලයින් සදහා නීතිවිරෝධී විදේශීය දුම්වැටි අලෙවි කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම දුම්වැටි තොගයත් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ශණ කටයුතු හා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වැලිමඩ පොලීසියට බාරදී තිබේ.

වැලිමඩ පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

නීතිවිරෝධි විදේශීය දුම්වැටි සමග ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 96 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 257 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site