(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී අද (27) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව ,කාලිංගඇල, ජනපදයේ පදිංචි උඩයාර් අබ්සාර් (42) යන අය බවට හඳුනාගෙන තිබේ.
මෙම පුද්ගලයා තම ගවයින් සෙවීම සඳහා කැළයට ගිය අවස්ථාවේ අලියා පහරදී තිබෙන බවත් බරපතල තුවාල ලබා සිටි ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව අද(27) දහවල් මිය ගොස් ඇති බවත් පොලීසිය පැවැසීය.මේ පිළිබඳව පොලොන්නරුව පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවිධිමත් ලෙස වැලිකන්ද, දිඔුලාගල ඇතුලු පොලොන්නරුව පුරාම සිදු කළ වන සංහාරය හා ඉඩම් මංකොල්ලය නිසා දිනෙන් දින වනඅලි ප්‍රහාරදීම් සිදුවෙනවා. අනවසර කැලෑකැපීම් මෙන්ම රක්ෂිත ඉඩම් ජාවාරම සිදු කරන්නේ පොලොන්නරුව දේශපාලකයින් හා මහවැලිය ඇතුලු රජයේ නිලධාරීන් එක්ව ඇතැම් ප්‍රදේශ වලට මධ්‍ය වාරණය පවා සිදුකර ඇත.