(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇහැළියගොඩ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මැණික් ගල් කිහිපයක් කැලණිය - ගල්වත්ත නිවසකදී කොල්ල කා, එම ව්‍යාපාරිකයාට හා ඔහුගේ තැරැව්කරුට පහර දී පලවා හැරි පුද්ගලයන් දෙදෙනකු අද(26) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ලකන ලද මැණික් ගල් 4ක් සහ මැණික් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 5ක මුදලක් පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔහු සන්තකයේ නිල් මැණික් ඇති බවත් එය විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයාදෙන ලෙසත් මීට දින කිහිපයකට පෙර තැරැව්කරුවකුට පවරා ඇත.
එම මැණික් ගල පරීක්ෂා කිරීම සදහා ඇහැලියගෙඩ ව්‍යාපාරිකයා පැමිණි අවස්ථාවේදී සැකකරු ඔහු සතුව තිබ ව්‍යාජ ගලක් පෙන්වා ඇත. එම ගල නොවටිනා එකක් බව ව්‍යාපාරිකයා දැනුම්දීමෙන් පසු ව්‍යාපාරිකයා සතුව තිබූ මැණික් ගල් කිහිපය ප්‍රධාන සැකකරුට පෙන්වීමේදී මෙලෙස එම මැණික් ගල් කොල්ල කා පහරදී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක්ෂ 15ක මැණික් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට