(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව ගොවිජනතාව මෙවර යල කන්නයේ සිය වී අස්වැන්නේ අග්‍ර ඵලයෙන් පිළියෙල කර ගන්නා ලද කිරි ආහාර දකුණු දළදා වහන්සේට පූජාකිරීමේ උතුම් පිංකම අද (28) පෙරවරුවේ එෛතිහාසික සෝමවතිය චෛත්‍යරාජයාණන් අබියසදී සිදුකරනු ලැබීය.
සෝමවතිය රාජමහා විහාරාධිපති, මල්වතු මහාවිහාර පාර්ශවයේ නියෝජ්‍යමහා ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවිසංවිධානය මේ චාරිත්‍රානුකූල පිංකම සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාවට වාරිමාර්ග ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා චන්‍ද්‍රිකා ඇතුගල මහත්මිය, පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරි ඩී.එම්.ඥානපාල, මින්නේරිය ව්‍යාපාර අධිකාරි ඩී.එස්. සෝමසුන්දර, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරිහු රැසක්ද, පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ව්‍යාපාර ගොවිසංවිධානයේ සභාපති ඩබ්ලිව්. ජගත් අරුණකීර්ති මහතා ප්‍රමුඛ ගොවිජනතාව මේ අවස්ථාවට සහභාගි වූහ.





2025 දෙසැම්බර් මස 16
86
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
883
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලොන්නරුව ගොවිජනතාවගේ කිරි ආහාර පූජාකිරීමේ පිංකම අද