(නිමල් ජයරත්න)
වැලිකන්ද ත්‍රිකෝණමඩුව ස්වාභාවික රක්ෂිතය තුළ බුරුත ගස් කපා ලොරියකට පටවමින් සිටි සැකකරුවකු අද(04) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය වනජීවී කාර්යාලය කියයි.
සැකකරු වාලච්චේන පදිංචි 32 හැවිරිදි අයෙකි.
එම තැනැත්තා බුරුත ගස් කපා දැව ලොරියට පටවමින් ප්‍රවාහනයට සූදානම් වෙමින් සිටියදී වැටලීම කර ඇත.
අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් අටක් සහ ලොරි රථය පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd