(වියලුව නිශාන්ත කුමාර)
නීති විරෝධී ලෙස මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍රයක්ද නොමැතිව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු එම තුවක්කුවද සමග අද (05) දහවල් අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කැටවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 54 ක පුද්ගලයෙකි.
පොලිසිය වෙත ලද ඔත්තුවක් මත සිදුකළ වැටලීමකදී තුවක්කුව හා සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
වනසතුන් දඩයම් කිරීම සඳහා සැකකරු මෙම තුවක්කුව ළඟ තබා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
සැකකරු පොලිස් ඇප මත මුදා හැරීමට නියමිත අතර ඔහුට විරුද්ධව බදුල්ල අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd