(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ පිරිනිවන් පා වසර 2221 ක් පිරෙන වප් මස පුර අටවක දිනය 2019 ක් වූ ඔක්තෝබර් මස පස් වන දිනට (සෙනසුරාදා) යෙදී තිබිණි. උත්තිය රජතුමාගේ රාජ්‍ය කාලයේ දී වප් පුර අටවක දින මිහිඳු හිමියන්ගේ පිරිනිවන් පෑමෙන් පසු මෙරට රජවරු මිහිඳු පුර අටවක දිනය ලෙස නම් කොට උන් වහන්සේගේ ගුණ සමරා උත්සව පැවැත්වූහ. මෙරට ජන සමාජයට බුද්ධ දර්ශනය හඳුන්වා දී ශ්‍රි ලාංකීය සමාජ සංස්කෘතියේ දියුණුවට මංපෙත් විවිර කළ මිහිඳු හිමියන් පසු කාලයේ දී දීපශාස්තෘන් වහන්සේ ලෙස සැලකිණි.
මිහිඳු මා හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බවට ශිලා ලේඛන සාක්ෂි ඇති අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේදී මිහිඳු පුණ්‍යා්ත්සවය අද දින (සෙනසුරාදා) පැවැත්විණි. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යා්ත්සවයේදී ආගමික වැඩ සටහන් කිහිපයක් පැවැත්විණ. රජගලතැන්න ශ්‍රි බෝධිරාජාරාමාධිපති කටුගොඩ රක්ඛිත හිමියන් රජගල කඳු මුදුනට වැඩමවා දැගැබ් මඵවේ දී විශේෂ ධර්ම දේශනාවක් පවත්වා රජගල ආරණ්‍ය සේනාසනය ඉදි කිරිමට ක්‍රියා කළ රාජරාජ මහාමාත්‍යාදීන් ඇතුඵ අතීත සැදැහැවත් බෞද්ධ ජනතාවට පිං අනුමෝදන් කරලීම මෙම උත්සවයේ විශේෂාංගයක් විය.
ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරුන්ගේ උපදේශකත්වයෙන් කටයුතු කෙරෙන රජගල ව්‍යාපෘතිය මඟින් මේ වන විට මිහිඳු හිමියන්ගේ ධාතූන් වහන්සේලා තැන්පත් කළ දාගැබ් මඵව සංරක්‍ෂණය කෙරෙමින් පවතී. ව්‍යාපෘති කළමනාකාරතුමා හා නිලධාරි මණ්ඩලයත් සේවක මහත්ම මහත්මීන් ඇතුඵ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාවගේත් සහභාගිත්වයෙන් මෙම මිහිඳු හිමියන් සැමරීමේ උත්සවය පැවැත්විණි



2025 දෙසැම්බර් මස 16
108
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිහිඳු හිමියන් පිරිනිවන් පෑ දීපශාස්තෘ දිනය රජගල දී සැමරේ
wicky italy Saturday, 05 October 2019 09:25 PM
දේශපාලන රැස්විම්වලට නම් සංඝයා වහන්සේලා කොපමණක් වඩිනවද? මෙවැනි උතුම් පිංකමකට එක ස්වාමින් වහන්සේ නමයි.අපි අපේ කමට ලැජ්ජා වෙන්න ඕන.මේ තරම් ප්‍රෞඩ ඉතිහාසයක් සිහිපත් කරන දවසක කෝ අපේ පූජ්‍ය පක්ෂය.