(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ අක්මිමන ප්‍රාදේශිය සභා කාර්යාලය ඉදිරිපිටදි අද (03) උදෑසන යතුරුපැදිකරුවෙකු පෞද්ගලික බස් රථයක ගැටිමෙන් මියගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි.
යතුරුපැදිකරු පෞද්ගලික ආයතනයක සේවය කරන අතර සේවය නිම කර නිවස බලා යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.
පුද්ගලික බස් රථය උඩුගම සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබි ඇත. මියගිය පුද්ගලයාගේ මෘත දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.
අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd