(මොහොමඩ් ආසික්)
අකුරණ නගරයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අවහිර වී අද (01) සවස වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.
අකුරණ නගරය හරහා ගලා බසිනා වහගලඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරය ජලයෙන් යටවී ඇති අතර තව දුරටත් ජල මට්ටම වැඩිවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව කියති.
ජල ගැලීම හේතුවෙන් අකුරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන 300 කට පමණ ජලය ඇතුල්වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහගල ඔය වසා ගෙවල් හැදුවම වතුර ගලා යන්නේ ?ඕක ඉතා පැරණි ප්‍රශ්නයක්. නමුත් අපේ අය ඡන්ද ගන්න උවමනාවට ඕක විසඳන්නේ නැහැ. මේ හරහා යන ඕනේ කෙනෙකුට මේ ප්‍රශ්නය පේනවා.පේන්නේ නැත්තේ ඔය කියපු අයට පමණයි.සුළු ජාතීන්ගේ ඡන්ද ලබා ගැනීමට ප්‍රශ්න වලින් ඉවත බැලීමෙන් වෙන්නේ ජාතින් අතර විරසකය මිසක් හොඳක් නෙවේ.
ඇළ වහලා බිල්ඩිං හැදුවා. සමහරක් බිල්ඩිං පාර මැද. වපුර ගත්ත ඒවා නෙලා ගන්නවා.