(නිමල් ජයරත්න)
තම පක්ෂයෙන් ඉල්ලා අස් වී එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය උදෙසා කි‍්‍රයාකාරීව මැදිහත්වීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ දිඹුලාගල ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රී උදාර සඳරුවන් මහතා පැවසීය.
උදාර සඳරුවන් මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ එකම මන්ත‍්‍රීවරයාද වේ.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණය පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ විමසීමකදි උදාර සඳරුවන් මහතා පැවසුවේ තමා පක්ෂයෙන් ඉල්ලා අස් වී මේ වනවිට දිඹුලාගල සජිත් පරපුර යනුවෙන් තරුණ සංවිධානයක් පිහිටුවා පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරන බවයි.
ඒ අනුව ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට තමා වටා සිටින සියලු තරුණ බල කඳවුරු මෙන්ම සාමාජිකයන් දායක කර ගන්නා බවද සඳරුවන් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ මෙසේ ගොනෙක් නෙමේ..
දැන් ඉතින් JVP UNP පක්ෂ දෙකේ එහෙමට කියල වෙනසක් නැති නිසා අව්ලක් නෑ.
අපිට මොකෝ
වම සහ දකුණ, අංශක 180 ටම හැරිලා. මේක ඔබලාගේ දේශපලනයේ සුලබ අවස්ථාවකි.
ඔය පටන් ගතේ පෙරහැර.
එතකොට තමුන්ට ඡන්දෙ දීල දිනවපු ජේවීපී ඡන්ද දායකයන්ට මොකද වෙන්නේ. 87 - 89 කාලේ සජිත්ගේ තාත්තගේ ආණ්ඩුවෙන් පරිප්පු කෑව ඡන්ද දායකයොත් ඒ ගොඩේ ඇති නේද. ඔවුන් මොකද කියන්නේ.
අවුලක් නැහැ .දෙකම එකයි නේ .