( සංජය මදුශාන් )
හබරණ ආසිරිගම ප්‍රදේශයේ වෙඩි වැදී මියගොස් සිටි වන අලියෙකුගේ මළ සිරැරක් අද (30) උදෑසන ගනේවැල්පල වනජීවි නිළධාරීන් සොයාගෙන තිබේ.
කිසියම් පිරිසක් පිරිසක් හෝ පුද්ගලයෙකු වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇති බව වන ජීවි නිළධාරීහු පවසති.
අද උදෑසන තම වගාබිම නිරීක්ෂණයට ගිය ගම්වාසියෙකු මියගොස් සිටි වන අලියා දැක ඒ පිළිබඳ ගනේවැල්පොල වනජීවි කාර්යාලයට දැනුම්දී තිබේ.
සිද්ධිය සිදුවූ ස්ථානය පැමිණි වනජීවි නිළධාරීන් සිදුකළ නිරීක්ෂණයකදි අවරැදු 45 ක් පමණ වන පිරිමි සතෙකු බව හදුනාගෙන තිබේ. වන අලියාගේ හිස ප්‍රදේශයට හා පිටුපස ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදි තිබූ බවත් මෙම වල් අලියා ඊයේ (29) සවස මිය යන්නට ඇති බවත් වනජීවි නිළධාරීහු සැකපල කරති. හිසට එල්ල වී තිබූ එක් වෙඩි පහරක් වන අලියාගේ මුඛය ප්‍රදේශයෙන් මතුවී තිබිණි.
මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර ප්‍රදේශය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදු කරන අතර අපරාධය සිදු කළ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අවශ්‍ය නිතිමය කටයුතු සිදුකරන බව වනජීවි නිළධාරීහු පැවසීය.

2025 දෙසැම්බර් මස 16
108
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙඩි වැදී මිය ගිය අලියකුගේ සිරුරක් හබරණ කැලයෙන් හමුවෙයි