(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද(29) මාළු පැටවූ ලොරියක් සහ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචිව සිටි මාළු වෙළඳාමේ යෙදුණු ශිරානි ප්‍රනාන්දු නමැති 45 හැවිරිදි මවකි.
එම කාන්තාව අද අලුයම කුඩා ලොරි රථයකින් මාලු ගෙන ඒම සඳහා පෑලියගොඩට ගොස් තිබූ බව පොලිසිය කියයි. එම ලොරිය බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට නවත්වා මාළු පෙට්ටි බිමට ගනිමින් සිටියදී පිළියන්දල සිට ආ මෝටර් රථය එම කාන්තාව අනතුරට ලක්කරමින් අධිබල විදුලි කණුවක ගැටී ඇත.
එම කාන්තාව මෝටර් රථයත් අධිබල විදුලි කණුවත් අතර සිරවී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd