(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී අද(29) මාළු පැටවූ ලොරියක් සහ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවක එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල පදිංචිව සිටි මාළු වෙළඳාමේ යෙදුණු ශිරානි ප්‍රනාන්දු නමැති 45 හැවිරිදි මවකි.
එම කාන්තාව අද අලුයම කුඩා ලොරි රථයකින් මාලු ගෙන ඒම සඳහා පෑලියගොඩට ගොස් තිබූ බව පොලිසිය කියයි. එම ලොරිය බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට නවත්වා මාළු පෙට්ටි බිමට ගනිමින් සිටියදී පිළියන්දල සිට ආ මෝටර් රථය එම කාන්තාව අනතුරට ලක්කරමින් අධිබල විදුලි කණුවක ගැටී ඇත.
එම කාන්තාව මෝටර් රථයත් අධිබල විදුලි කණුවත් අතර සිරවී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් මාළු ලොරියේ කත මරුට