IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටිපර් - ලොරි රථ අනතුරින් රියදුරු සහයක මරුට

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                     
      
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ පල්ලේවෙලදී අද(29) සිදුවූ ලොරි රථයක් ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරකින් ලොරියේ ගමන්ගත් රිය සහයකවරයා මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ අන්තුඩුවාවිල හාලිඇල පදිංචිව පියසේන ලංකා තිලක නැමැති පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධියෙන් ලොරි රථයේ රියදුරුද තුවාල ලබා කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
      
කුලියාපිටිය සිට මාදම්පේ බලා අධික වේගයෙන් රා ප‍්‍රවාහණය කරමින් තිබූ ලොරි රථයක්  පල්ලේවෙල ප‍්‍රදේශයේදී එදෙසටම රිය බල්බ අක‍්‍රීය කර නවතා තිබූ විශාල ප‍්‍රමාණයේ ටිපර් රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇත.
      
අනාරක්‍ෂිත අන්දමින් ටිපර් රථයක් මාර්ගයේ නවතා තැබීම සම්බන්ධව ටිපර් රථයේ රියදුරු හා අපරීක්‍ෂාකාරීව ලොරි රථය පැදවූ බව රෝහල්ගතව සිටින රියදුරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
      
කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.



අදහස් (0)

ටිපර් - ලොරි රථ අනතුරින් රියදුරු සහයක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 108 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site