IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිඹුලාගල නව ගොඩනැගිලි තුනක් ජනපති අතින් ජනතා අයිතියට

(නිමල් ජයරත්න)
 
‘පිබිදෙමු  පොළොන්නරුව‘  දිස්ත‍්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ මුදල් ප‍්‍රතිපාදන මත දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කරන ලද ගොඩනැගිලි තුනක් ජනාධිපති මෛත‍්‍රිපාල මහතා අතින් අද (29)  දහවල් ජනතා අයිතියට පත් කෙරිණි.
 
දිඹුලාගල කනිචිචීයාගල ශ්‍රී සම්බෝධි විහාරයේ රුපියල් ලක්ෂ 28 වියදමෙන් ඉදි කරන ලද දහම් පාසල් ගොඩනැගිල්ලද ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පත් කළේය.
 
මීට අමතරව පිබිදෙමු පොළොන්නරුව යටතේ රුපියල් ලක්ෂ 35 ක වියදමෙන් ගල්එළිය ශ‍්‍රී සද්ධර්මාලෝක විහාරයේ ඉදිකරන ලද සංඝාවාස ගොඩ නැගිල්ලද ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් සඟ සතුකර පුජා කළේය.
 
මෙහිදි ජනාධිපති වරයා විසින් ගරුතර මහා සංඝරත්නය උදේසා සපිරිකර සංඝගත දක්ෂිකාවක්ද පවත්වා දහවල් දානයද පුජා කළේය.
 ශ‍්‍රී සද්ධර්මාලෝක විහාරාධිපති තැන්නලන්දේ උපාලි හිමියන්ගේ අනුශාසනා පරිදි එම දානමය පිංකම සිදුකළේය.
 
අනතුරුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙහෙරගල මහසෙන් රජමහ විහාරයේ ඉදිකරන ලද සංඝාවාස ගොඩනැගිල්ලද සඟ සතු කිරීමේ උත්සවයට එක් විය.
 
මෙම ගොඩනැගිල්ල සඳහාද පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය මගින් වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 35 කි.
 
වෙහෙරගල මහසෙන් රජමහ විහාරාධිපති අග්බෝපුර නාරද හිමියන්ගේ  අනුශාසනා පරිදි මෙම පිංකම සිදු වු අතර මෙහිදී පාසල් කිහිපයක් සදහා පුස්තකාල පොත් පරිත්‍යාග කිරීම සහ දිළිදු පවුල් සදහා ඉදිකරන ලද ස්ථිර නිවාස හිමිකම් ප‍්‍රදානයද ජනාධිපතිවරයා අතින් ලබා දුන්නේය.
 
මෙම අවස්තාවන්ට උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක පොළොන්නරුව නගරාධිපති චානක රණසිංහ යන මහත්වරු ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, රාජ්‍ය අංශ ප‍්‍රධානිහූ, ප‍්‍රදේශවාසීහූ  ඇතුළු රැසක් එක්ව සිටියහ.

 



අදහස් (0)

දිඹුලාගල නව ගොඩනැගිලි තුනක් ජනපති අතින් ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 108 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site