(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මත්තේගොඩ, වාසනාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ මුද්‍රණ කර්මාන්ත ශාලාවක් හේතුවෙන් තමන් සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රැසකට මුහුණ පා ඇති බව පවසමින් අද(29) ප්‍රදේශවාසීහු විරෝධතාවක් පැවැත්වූහ.
මාස තුනක පමණ කාලයක් පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් තීන්ත දුගඳ, අධික ශබ්දය ඇතුළු ගැටලු රැසකට තමන් මුහුණ පා සිටින බව ඔවුහු කීහ.
ඔවුහු එම මුද්‍රණාලය අසළ සිට පාගමනින් කොට්ටාව පොල්ගස්ඕවිට මාර්ගයට පැමිණ පැයක පමණ කාලයක උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑමට හාල්ටික පිටරටින් එනතුරු බලා සිටි අපේ මිනිස්සු දැනුත් බලන්නේ සියලුම දේ රටින් ගෙනෙන තුරුය.මේ රටේ ගොවිතැනක් කළත් කර්මාන්තයක් කළත් සෑම දෙයටම විරෝධතාකරුවන් සිටින කිසිදා රට දියුණු කළ නොහැක.පෙර සුද්දෙක් කිව්වාලු සිංහලයා මෝඩයා.... කැවුම් කන්න යෝධයා කියලා.....ආදී සිංහලුන් පිට දීපදේශ ජයගත්තා වුවත් දැන් සිංහලයා කියන්නේ කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට වෙන මොන කෙංගෙඩියද තව ඕන කරන්නේ කියාය.
මේවා සියල්ල විසඳිය හැකි දේවල්. ශබ්ධය, තීන්ත දුගඳ නිවැරදි තාක්ෂණය මගින් නැවතිය හැකියි. වහන්න නොවෙයි, කොහොම හරි ආයතනය දුවවන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්න බලකරන්න. හිමිකරුවන්ට ටිකක් මුදල් වැය කරන්න වෙනවා.