IMG-LOGO

‘ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයෙන් ජනතාව ණයකාරයෝ වෙලා’

(අනීෂා මානගේ)

ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ණයකාරයන් බවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (2) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසුවේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

"ආණ්ඩුව විසින් රටේ සාමාන්‍ය ජනතාව ණයකාරයෝ බවට පත් කළා. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ණයකාරයෝ බවට පත්වෙලා.

රට මූල්‍ය වශයෙන් කඩාගෙන වැටී තිබෙන නිසා බැංකවට ගිහිල්ලා ණයක් ගන්න බැරි වෙනකොට අවසානයේදී ගිනි පොලියට ණය අරගෙන දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ගිනි පොළියට ණය අරගෙන ආණ්ඩුවෙන් දුන්න ණය ගෙවන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ආණ්ඩුවෙන් දීපු ණයෙහි ඉතිරි මුදල ගන්න, නිවෙස හදල ඉවර කරන්න ගිනි පොළියට ණය ගන්නවා. අවසානයේ මේ රටේ සාමාන්‍ය ජනතාව ණයකාරයෝ බවට පරිවර්තනය වෙලා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණ චෝදනාව තමයි විදේශ රටවලින් ණය අරගෙන සංවර්ධන කිරීම. බෙලිඅත්තට අධිවේගී මාර්ගය ගේනකොට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඇහුවේ හම්බන්තොටට මොන හයිවේද කියලා. කුරුණෑගලට අධිවේගය හැදෙනකොට කුරුණෑගලට මොන හයිවේද ඇහුවා. එහෙම අහපු අය හයිවේ එක විවෘත කරන දවස පිළිබඳව ලොකූවට කටවුට් ගහලා මහින්ද රාජපක්ෂ හදපුවා එයාලා හදපු විදියට විවෘත කරන්න නම් සූදානම් වෙනවා."



අදහස් (8)

‘ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයෙන් ජනතාව ණයකාරයෝ වෙලා’

mahinda Wednesday, 02 October 2019 01:25 PM

හැම ආණ්ඩුවේම තිබුනේ ඔයටික තම යි

:       0       0

saman Wednesday, 02 October 2019 03:29 PM

කව්ද ජනතාව ණය කලේ...? චිනට රට විකුණුවේ කව්ද...?

:       0       0

සෙනෙවිරත්න Wednesday, 02 October 2019 04:31 PM

මං ,අපේ තාත්ත, ශත පහක් ණය ගත්තෙ නැහැනෙ. ගත්තෙ මේ රටනෙ

:       0       0

chandima Wednesday, 02 October 2019 05:12 PM

කවුද ඔය කතාව කියන්න කියල කියල දුන්නේ? එහෙම නැතිනම් හිතට ආව නිසා කිව්වද? අපි මේ බලන් ඉන්නේ ඩොලර් මිලියන හාරදහස් ගානක් ණයට අරන් රටවටේ යන්න ඉලිප්සාකාර මාර්ගයක් හදල අපිව ණය බරින් නිදහස් කරනකල්.

:       0       0

Perera Wednesday, 02 October 2019 05:21 PM

අපොය් ඔව්...මෙයාලගේ කාලේ රටේ මිනිස්සු ණය කාරයෝ නෙවි නේ හොඳ පෝසත්තු නේ

:       0       0

සුනිමල් Thursday, 03 October 2019 12:27 AM

බලන් කඩතුරා හැරදෑසේ

:       0       0

Modaya Thursday, 03 October 2019 03:55 AM

විවාහයට කෝටි 125 වියදම් කලේ කාගේ සල්ලිද?

:       0       0

rocky Thursday, 03 October 2019 04:54 AM

පවුල් පිටින් එකතු වෙලා මුළු රටටම වැඩේ දුන්න විදිහ අපට අමතක වෙලා ඇති කියලා හිතුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 484 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site